← Hymns සමුගැනීමේ ගී

සමිදුට ජයවේ

සමිදුට ජයවේ සමිදුට තුතිවේ
පෙමැතිවූ සමිදුට ජයසිරි වේ

සියල් ජනයෙනී සමිදුන්ට ප්‍රශංසා කරන්න
සියලු සෙනගෙනී එතුමන්ගේ මහිමය පතළ කරන්න

මක්නිසාදයත් එතුමන් අප කෙරෙහි ඇති ප්‍රේමය මහත් වන්නේය
එතුමාගේ විශ්වාසවන්තකම සදහට පවතින්නේය

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට
දැනුත් සදහටත් තුති ප්‍රශංසා වේවා