තුටු සිත වඩවව්
තුටු සිත වඩවව් සමිදු කෙරෙ
හෙම්බල ගුණ වතුණේ
පැසැසුම යුතු ලෙසැ හිමිවන්නේ
ඉදු හිතවතුනටනේ
වියොලේ තුති ගී නංවා - පුදව්ව හිමි පා සමිදා
හඩවව් දසතත් වීණා - පසසින් බබුළුව එතුමා
යුක්තියටත් ඇත්තට හා සමිදුන් සිත ඇත අලවා
ගුණකඳ එතුමාණන්ගේ ලෝ හැමතැනැ පැතිරෙන්නේ