ලෝකෙට දෙන්න මෙදා
ලෝකෙට දෙන්න මෙදා
ලෝකෙට දෙන්න මෙදා
සාමේ දානෙ ඛෙදා //
සමිඳේ තැනැ තැනැ ලෝකෙ පුරා
සමාදානෙ සෙත ඔඛෙ පතුරා
යන්නට මා ඔඛෙ අතේ දරා
ගනු මැන අවියක් ලෙස තෝරා
කොතැනද ඇත්තේ බේවෛරෙ
වපුරම් එහි මම් සනාදරෙ
පෑරුණු හිත් ඇතියන් අතරෙ
පතුරම් කමාවෙ හිත සොදුරෙ
අනුන්ව සනසනු පිණිසැ මගක්
සොයනට මා ගැනැ නොසිත වගක්
ගුරු දෙවිඳේ මට දෙන්නැ ඇසක්
දක්නට අනුන්ගෙ දුක් දහසක්
හැම අය හට දෙන ලෙසට ඛෙදා
අපටද ලැබේය එදින් එදා
එපා ඉන්න මේ ලෝකෙ බදා
ලබනට නම් ‚විතේ සදා