← Hymns බොදුන් ගී

සමරිතානු ළඳ

පුන ගැයුම:

සමරිතානු ළඳ පිළිබඳ මියුරු කතාවේ
පුවත අසත රුව දිස්වේ ජේසු තුමාගේ
පිපාසයට පැන් ඉල්ලා සිටිය වතාවේ
කෙරුණු කතා බහද ඇසේ සවන් පිනායේ

මෙහෙව් වතුර බොන හැම දෙන යළි පිපාස වේ
මා දෙන දිය බොන අයහට පවස ඇති නොවේ
ඉදුරා පවසමි ඔබ හට සදා ජිවනේ
ලබනු පිණිසැ ඔබ තුළ දිය උල්පතක් මැවේ

කිසිදා ඇති නොවන පිණිසැ ම හට පිපාසේ
ගැහැටක් ඇති නොවනට දුර ගමනෙ විඩාවේ
දෙනු මැන හිමියනි දෙනු මැන ඔබ කී ලෙස ඒ
සදු පවස සංසිදුවන ජලය ජීවනේ

හෙළිවුණු විටැ සමිදු මුවින් එළඳගේ තතූ
එතුමා දිවැසියකු බව මැ සැබව ඕ සිතූ
රට පුරා මැ දිවැ ගිය ඈ ජන රැස් ඇමතූ
ඇය කළ හැම දේ එතුමන් කී බව පැවසූ