රන් දහදිය වගුරා
පුන ගැයුම:
රන් දහදිය වගුරා සිරුරෙ
ජනතා සුබ සෙත පිණිසැ ලොවේ
සමිදුනි අප කරනා සේවේ
ඔබේ නමට පුද පූජා වේ
සමිඳේ ඔබ මට ප්‍රේම කළෝ
මිල දී ඔබ නොවැ මා ගත්තෝ
වෙන කාටත් මා අයිති නොවේ
මා ඔබ සන්තක වේ සමිඳේ
මා ඔබ හට නොවැ ගැතිවන්නේ
සේවකයකු සේ කිතු සමිඳේ
මගේ මනාපය නොවේ නොවේ
ඔබේ කැමැත්තට ම.හිස නැමේ
ඔබයි මගේ එක හාම්පුතා
ඔබේ අතේ ජීවිතේ මගේ
ඔබ පිය හසරෙ මා එන්නේ
ඔබ මා ගමනේ අවසානේ
ඔබට ලැදි වැ මෙහෙ කිරිම වේ
සැපතට එයින් මැ මඟ හෙළිවේ
ගැතියකු වනු කිතු සමිදුන්ගේ
රජකමට මැ එය නිසි මඟ වේ