අඩමින් දුකසේ
පුන ගැයුම:
අඩමින් දුකසේ වපුරා යන්නෝ
කපමින් ගීයෙන් රැස් කැරැ ගන්නෝ
දුක සේ බිජුවට වපුරන්නෝ
රැගෙන ගොයම් මිටි ගැයුමෙන් එන්නෝ
සිර ගතවී සිටි සියොනෙ එදා
ගෙනැ ආ විටැ ඈ සමිදු මුදා
සිහිනෙ නොවේදැයි අප දුටුවේ
කෙසේ දැ අප හා පුදුම වුණේ
අප කට පුරා මැ සිනාසුණේ
ගීයෙන් අප තොල් රැව් දුන්නේ
උන් උන් අතරෙ විදෙසි දනෝ
පුදුමෙට පත් වී වියූ මෙසේ
මොන මොන විස්මිත දේ දැ කළේ
ඔවුන්ගෙ සමිදුන් සතු වූ බලේ
පුදුමෙන් පුදුමෙකි අප සලකා
සමිදුන් කළ ඒ විස්මිත දෑ
අප හැම හැම දෙනකුගේ හිතේ
සැබැවින් සොම්නස පිරි ගියේ
නොමැරි බීජය වැටී පසේ
පැළ වී හෙම නෑ උපදින්නේ
දුකට පසුයි සොම්නස එන්නේ
මරණෙට පසුවයි උත්ථානේ
මේ දහමයි ලෝ පවතින්නේ
හරය එයයි ජේසුගෙ දහමේ