← Hymns බොදුන් ගී

කුඩා දරුවකු සේ

පුන ගැයුම:

කුඩා දරුවකු සේ නොවේ නම්
සග සුව සැප ඔබ හට හිමි නෑ //

පොඩි දරුවකු මෙන් පිවිතුරු වන්නේ
ඉසිකෝ මානය දුර ලන්නේ
බැහැපත් මුදු ගුණයෙන් සැරසෙන්නේ
නිරතුරු ජය ගන්නේ

මා වෙනුවෙන් පොඩි උන් පිළිගන්නා
සැබවින් මාවයි පිළිගන්නේ
එලෙසින් මා පිළිගන්න තැනැත්තේ
ම පියා පිළිගන්නේ

මා අදහන මේ නොකැළැල් දරුවන්
නොමඟට යොමු කරනා අය ගේ
ගෙලේ ගලක් බැඳ මහා මුහුද මැද
හෙළා දමනු වටනේ

නායක වන්නට කැමති තැනැත්තේ
පළමුව සේවකයකු වේවා
මූලික වන්නට පතන තැනැත්තේ
අන්තිමයා වේවා

දරුවන් මා වෙත එන්නට ඉඩ දෙව්
ඔවුන් ගමන බාධා නොකරව්
සගයේ උරුමය ඔවුන.ත වන බව
කිතු සමිඳෝ පැවසූ