← Hymns බොදුන් ගී

සමගි දහම

පුන ගැයුම:

සමගි දහම ලොවට ඛෙදන
දිව්‍ය බොදුන වළඳින්නට
එන්න යන්න සුහද සොයුර
වාද භේද අමතක කරලා
සුහද සිතින් එකමුතු වීලා

ඔබයි සමිඳ ජීවිතයේ අහරය වන්නේ
ඔබයි සමිඳ ‚විතයේ මාවත වන්නේ
එවන් වදන් අනුව යන්න
අප ගත සිත ඔබට දෙන්න
දිව්‍ය බොදුන වළඳින්නට
අපි අද එන්නේ

ඔබයි සමිඳ ලෝකයෙ ආලෝකය වන්නේ
ඔබයි සමිඳ මිනිස් සතට ජීවය දෙන්නේ
එවන් වදන් අනුව යන්න
අප ගත සිත ඔබට දෙන්න
දිව්‍ය බොදුන වළඳින්නට
අපි අද එන්නේ

නිරස දිවියෙ දහම් මඟට ලුණුරස වන්නේ
එවන් දිවියෙ අරුත ගෙනෙන සත්‍යය වන්නේ
එවන් වදන් අනුව යන්න
අප ගතසිත ඔබට දෙන්න
දිව්‍ය බොදුන වළඳින්නට
අපි අද එන්නේ