තිලොව සුරකිනා
තිලොව සුරකිනා පියදෙවි සමිඳේ
අසරණ මගෙ පිළිසරණය ඔබයි සමිදුනේ
මගේ ‚විතේ ජය මාවත ඔබ වේ
ඔඛෙන් පිටත දිනුම් කනුව නැත හමුවන්නේ
පුන ගැයුම:
අනේ සමිදුනේ ඔබේ නිවහනේ
ඉන්න සැමදිනේ දෙන්න අවසරෙ //
ජීවිත කතරෙ සසර මඟ ගෙවා
යනවිට මා යායුතු මඟ ඔබ පෙන්වනවා
යන මඟ නොපෙනී ඝන අදුර වැටෙද්දී
මගෙ අතගෙන ඔබ මා නිසි මඟ ගෙනයනවා
මගේ ජීවිතේ කදුළු පිසදමා
මට සැනසුම ගෙන දෙන්නේ ඔබයි සමිදුනේ
අදුරු මගෙ සිතේ ඝන අදුර බිඳ දමා
ආලෝකය ගෙන දෙන හිරු ඔබමය සමිඳේ
සතුරන් හමුවේ ඔබ මා හැරදා
අසරණ නොකරන බව මම දනිමි සමිදුනේ
එබැවින් ඔබගේ නිති සුව දෙන නිවසේ
වසනට අවසර දෙනු මැන ඒ ඇත මට පියේ