← Hymns බොදුන් ගී

දෙවි සමිදාණෝ

දෙවි සමිදාණෝ මඑඬේරාණෝ
මා හට කිසි දේ හිඟ නැත්තේ
නිල් තණ ගොල්ලේ මා සතපන්නෝ
සමිදු එඬේරාණෝ

සැනසුම් ලද හැකි නිල්දිය වෙතටා
මා ගෙන යන්නේ පණ පුබුදා
මා හැර ලන්නේ සමිදුන් නමපා
ඇදකුද නොමැති මගේ

සැරුවත් මාරක ගනදුරු නිම්නේ
නපුරට බිය නෑ ඔබ සමගා
ඔබගේ කෙවිටයි දිගු සැරයටියයි
මට සැනැසිලි දෙවනා

බොදුනක් කරවා සතුරන් හමුවේ
මා හිසෙ තෙල් ගා පත ඉතිරෙ
ඔබ උපකාරෙ කරුණා සේවේ
මා පසු සැමදා ඒ

සමිදුන් මැදුරෙ ගෙවනෙමි මාගේ
මුළු ජීවිතයේ හැම දවසේ
දෙව් සමිදාණෝ මඑඬේරාණෝ
මට හිඟයෙක් නැත්තෙ