කුසිගිනි වෙමි
පුන ගැයුම:
කුසගිනි වෙමි මා සමිඳේ
දිව බොදුනින් සතපනු මැන
පිපාස වෙමි මා සමිඳේ
දිව රුහිරෙන් පොවනු මැනවි
මහ කතරෙ සාගින්නේ
ඔබේ පුතුන් මොර දෙන සඳ
එ හඩ අසා අහස පලා
මන්නා දුන් දෙවි සමිඳේ
ජීවය දෙන බොදුන මමයි
ඔබ කීවා මට මතකයි
කුසගිනි මා නිවනු මැනවි
ඔබගේ ජිවන බොදුනින්
ජිවන ජල උල්පත මම
ඔබ කී සැටි මට මතකයි
පිපස මගේ නිවනු මැනවි
ජීවන උල්පත් ජලයෙන්