← Hymns දේව මෑණියන්ට ගී

සපිරි සෑම

සපිරි සෑම අසිරි සෝම මව් මරියේම පණ වැනී
සකල දෝයෙන් නිදෝස ෂාරොන්හි රෝස කුසුමෙනී
තුති නමෝස්තු තුති නමෝස්තු ෂාරොන්හි රෝස කුසුමෙනී
තුති නමෝස්තු තුති නමෝස්තු මව් මරියේම පණ වැනී

මධුර තොල් වූ අදර ලොල් වු මසුරතල් වූ මව්වනේ
සුනිලුපුල් වු ඔඛෙ උදුල් වු මවෙත දෑස ලනු මැනේ
තුති නමෝස්තු තුති නමෝස්තු මවෙත දෑස ලනු මැනේ
තුති නමෝස්තු තුති නමෝස්තු මසුරතල් වු මව්වනේ

අරුණසේම දිලෙන සෝම සැලෙන සෑම සුවෙඳනා
තරු කිරුල්ය, සඳ පතුල්ය ජෙරුසලෙම්හි මහිමෙනා
තුති නමෝස්තු තුති නමෝස්තු ජෙරුසලෙම්හි මහිමෙනා
තුති නමෝස්තු තුති නමෝස්තු සැලෙන සෑම සුවෙඳනා

රූබර අම්ම පෙම කරම්ම පෙම්බර අම්ම මරියනේ
දින දිනෙන්ම නැතුව නිම්ම ජේසුගෙ දම්ම දහමිනේ
තුති නමෝස්තු තුති නමෝස්තු පෙම්බර අම්ම මරියනේ
තුති නමෝස්තු තුති නමෝස්තු රූබර අම්ම මරියනේ