← Hymns විවිධ ගීතිකා

සදාකාල මේ පොරොන්දුවේ

පුන ගැයුම:

සදාකාල මේ පොරොන්දුවේ
බස නෑ නෑ කඩවන්නේ
ළයට මගේ දැන් නැහැ එන්නේ
එඩිතර හිතකුයි සමිඳේ

සිටියෙම් වසරක් ගණනෙ බලා
පිවිසෙන තුරු මගෙ මනාලයා
අදයි අදයි සුබ සරණ දිනේ
මගුලට එති මගෙ නෑදෑයෝ

දෙන්නට සමිදුනි සූදානම්
මගෙ අත මගෙ හිත දෙක මැ පුරා
නෑ නෑ ඔබ අත්හැරැ යන්නේ
තනි කැරැ කිසිදා අතර මඟේ

කැපවෙමි කැපවෙමි දැන් සමිඳේ
බාර ගන්නැ ජීවිතේ මගේ
අද සිටැ සදහට ඔබ බාරෙ
ගෙවමි ගෙවමි ජීවිතේ මගේ

ආවත් බාධා නොයෙක් අතේ
මගෙ සිත නෑ පසුබට වන්නේ
ලෝකෙට කරනට සුබ සේවේ
නොවේද ඔබ සැරිසරා ගියේ

ඔඛෙ පසු පසැ එන්නට කීවේ
යන මඟ නැත මට වරදින්නේ
ඔබ වෙතැ යොමුකැරැ දෙනෙත් මගේ
ජීවත්වෙමි දසු ලෙසැ ඔබගෙ