← Hymns විවිධ ගීතිකා

වරද මා අතේ

පුන ගැයුම:

වරද මා අතේ හිමිසඳේ හිමිසඳේ
වරද මා අතේ
ඇයි නොඉල්ලුවේ
ඇයිද නොසෙව්වේ
දොරට මගේ තට්ටු කළේ නෑ //

පාන්දරින් අවදිවැලා සුපුරුදු ලෙස මා
දවසෙ වැඩට අත හිත දුන්නා
නිමක් නොවන කටයුතු මැද කල් ගෙවී ගියා
කොයිද වෙලා යදිනට හිමිපා

ජීවිතයේ කරදර පිට කරදර එන්නේ
සුව මැඩගෙන දුක ලියලන්නේ
ඇයි දෙවියනි අසරණ මා වත නොබලන්නේ
යන මැසිවිලි සිතට නැඟෙන්නේ

සැනසුම් සුවයක් සොයමින් කාලය ගෙවුණේ
අසහනයෙන් මා ළය තැවුණේ
අහක බලාගෙනැ මා මැවු දෙවියන් ඉන්නේ
කියමින් මා දොස් පවරන්නේ

හිතට මගේ ඇතුළුවැලා කල්පනා කළා
දවසෙ දුකට හේතුව පෙනුණා
මා මුලින් මැ දෙවි සමිදුන් ඇයිද නොසෙව්වේ
දෙවිදු මගේ පහන ජීවිතේ

ඉල්ලුවෙ නෑ හෙව්වේ නෑ තට්ටුකළේ නෑ
හොඳ සිහියෙන් අවදිවුණා මා
තැන්පත් වී එකඟ සිතින් මා වැඳැ වැටුණා
ගතිම් වෙලා යදිනට හිමිපා