ධීවරයෝ
පුන ගැයුම:
ධීවරයෝ මගෙ හොඳ මිතුරෝ
ඔබ මින් මතු අල්ලන්නේ
මසුන් නොවේ මිනිසුන් වේ
මින් මතු අල්ලන්නේ මිනිසුන් වේ
වෙරළේ තිබුණා පොඩි ඔරුවක්
ඒ මත නැගලා නැතිව බියක්
දියපත් කරනට සෑහෙනදුරක්
සීමොන් හට ඔබ දුන්නෙ අණක්
ගැඹුරට දමනුය දැල නුඹගේ
තව තව ගැඹුරට රළ ඔස්සේ
අසුවෙයි මාළුන් සැකක් නැතේ
ඔරුවත් මදිවෙයි සොයුර නුඹේ
ඔරු දෙක පිරුනා බරට බරයි
ගිලිලා යයිෙදෝ අපට සැකයි
කිසිදා අසුනොවු මාළු ගොඩයි
අසුවුනෙ මෙදිනේ හරි පුදුමයි