දුක්බර දිවියක
දුක්බර දිවියක රහසක් ඇත මට
ජය බිම සිකුරු නිසා
විඳැ ගැනුමට ඇත දහසක් කරදර
සිතුවිලි හොඳ හින්දා
අපවාදය පිරි රැවුම් බැනුම් මැද
නොසැලෙන ගතිය නිසා
සතුරන් මැද්දේ දිවිය ගෙවන්නෙමි
සමිදුගෙ මහිමෙ පතා
පුන ගැයුම:
නොමවී බේදෙන් අඩ පණ වී
එක්වී රොක්වෙමු එකට බැඳී
කුසගින්නත් ඇත නිවහනයක් නැත
හැදුනුම නොලත් නිසා
සේවය ලැබුමට සැම දෙන ආවේ
ශක්තිය ඇතැයි සිතා
සමිදුන් සෙව්වේ සේවය පැතුවේ
කිතු හිමි දකිනු පතා
දුබලවු මාලඟ කිතු හිමි සිටියේ
මගෙ පණ රකිනු සොදා
තනිවී සිටියෙමි මිතුරන් නොමැතිව
බොරුවක් නොකල නිසා
යහපත් වදනින්, හිංසා නොමැතිව
ඉවසමි සාමෙ පතා
සමිදුගෙ ජීවිතෙ මීටත් කටුකයි
ගැලවුම් කරුවු නිසා
කිතු හිමි නොවන්න මා ඇත තනිවී
දහිරිය නැතිව සදා