← Hymns විවිධ ගීතිකා

කව්රු වුවත් ඔබ

පුන ගැයුම:

කවුරු වුවත් ඔබ
කොතැන වුවත් ඔබ
මගේ සහෝදරයා //

පටපිළි ඇන්දත් වැරහැලි ඇන්දත්
ඔබ මගෙ සොහොයුරෙකී
සිතුමට පැතුමට පටහැනි වූවත්
ඔබ මගෙ සොහොයුරෙකී
ජාතිය පෙළපත මොනවා වූවත්
ඔබ මගෙ සොහොයුරෙකී
මිනිස් ලොවේ වෙසෙනා ඔබ සැම දෙන
මගේම සොහොයුරෙකී

ඔබේ දෙනෙත් අග නැඟෙන කදුළු දැක
මටද කදුළු එනවා
ඔබේ සිතේ බර මට ද දැනෙන විට
මසිත ද බර වෙනවා
ඔබේ හදේ ඇති දුක වැටහීමෙන්
මගෙ හද කකියනවා
ඔබේ දයාබර අත අල්ලා මා
ඔබ හා එක් වෙනවා

ඔබේ හැඩය ගැන ඔබේ පැහැය ගැන
නැත මා විමසන්නේ
ඔබේ අඩුව ගැන ඔබේ වැඩිය ගැන
නැත මා විමසන්නේ
සොහොයුරු කැල්මෙන් ඔබ නෙතු බැල්මෙන්
මා ඔබ සලකන්නේ
කවුරු වුවත් ඔබ කොහේ වුවත් ඔබ
මට සොහොයුරු වන්නේ