විමන් දොරටු
පුන ගැයුම:
විමන්දොරටු දොරගුළු හැර ඈත අතීතයේ
පහන් සිතින් හැරි බලන් සිතුම් සමීරයේ
සතුට සුව සදා සමිෙඳ ඔබ එදා
කළ දහසක් දේ සමරමු - බැති කුසුම් පුදා
ඔබේ දිවි පුදා - ලොවට සෙත සදා
සමිදුනි ඔඛෙ ගුණ සමරමු - බැති කුසුම් පුදා
වහල් බැමි මුදා - විමුත් මඟ සදා
සත වෙත පෑ මෙත සමරමු - බැති කුසුම් පුදා