← Hymns ඇතුල්වීමේ ගී

ලොව මුදනා ලෙස

පුන ගැයුම:

ලොව මුදනා ලෙස දිවිපිදූ කුමරුගෙ කුරුසිය පාමුල
වැඩඋන් දෙව් මව්නේ
එම දිවි යාගය දැන් ඔබ සමගින පුදනට අපහට
ලැබ දෙනු දෙව් සරණේ

මම දෙවියන්වහන්සේගේ පූජාසනය වෙතට යන්නෙමී
මා පී්‍රතිමත් කරන දෙවියන්වහන්සේ වෙතට යන්නෙමී

දෙවියනී /ඔබගේ විනිශ්චයේදි මා නිදහස් කළ මැනව
අධරමිෂ්ඨයන්ගෙන් මා වෙන්කර / මා මුදාගත මැනව.

දෙවියනී /ඔබවහන්සේ මාගේ ශක්තිය වනසේක
එහෙයින් සතුරාගෙන් මා රැකගත මැනව

දෙවියනී / ඔබවහන්සේගේ ගෘහයට ඇතුළුවන්ට
හැකිවන පිණිස
ඔබවහන්සේගේ සත්‍යයේ ආලෝකය මට දුන මැනව