← Hymns ඇතුල්වීමේ ගී

අහස පොළොව

අහස පොළොව සිවුපාවුන් ගස් කොලන් මවා
එතුමන්ගේ මහිමෙ නිසා මිනිසා මැව්වා
එතුමන් වඳිමු - එතුමන් ගයමූ
රස වදනින් එතුමන් හට අපි ගී ගයමූ

පුන ගැයුම:

එන්න එන්න ඇතුළු වන්න සමිදු මැදුරටා
ගී ගයමින් එතුමන්ගේ මහිමය උදෙසා

මිනිසා පව් කරන වගක් දැන ගෙන සිටියා
ජේසු එයින් එවන බවක් පිළිබිඹු කරලා
සමිදුන් ගයමූ - සමිදුන් වනමු
සමිදු අපට එව්ව එතුම බැතියෙන් වඳිමූ

කුරුසේ යාගයෙන් අපව පවින් ගලවලා
සග සැපත නැවත අපට හිමි කරදුන්නා
එතුමන් ගයමූ - එතුමන් පුදමූ
එම යාගය නැවත පුදමු අපි සැම බැතියෙන්