← Hymns ඇතුල්වීමේ ගී

ජය ජය ජය හඩ

පුන ගැයුම:

ජය ජය ජය හඩ නංවා ලා
යමු යමු යමු අපි සමිදු සොයා //

තෙල් මල් පුදලා - පුදසුන තනලා //
හේවිසි වයලා - ගැට ඛෙර ගසලා //
සක් ගෙඩි පිඹලා

අපි සැම දෙන එක.ටෙක් වීලා
යමු යමු යමු අපි සමිදු සොයා //
සමිදුට නිති ජය වේ ///

සමිදුට තුති අත්වේ
සුදුපිළි ඇඳලා - අත් වැල් බැඳලා //
පහන් දරාලා - බැතින් නැමීලා //
ජය හඩ නගලා

අපි සැම දෙන එක.ටෙක් වීලා
යමු යමු යමු අපි සමිදු සොයා
සමිදුට නිති ජයවේ //
සමිදුට තුති අත්වේ