← Hymns ඇතුල්වීමේ ගී

දෙවිදු පුදට

පුන ගැයුම:

දෙවිදු පුදට පුදසුන වෙත නගමි දෙපා ප්‍රීති වෙමින්
සමිදු වරම් ලැබ ගන්නට දෙන්නැ ආසිරි

අගෙයි කියා සුරකින කිසි දෙයක් ඇත්තේ නෑ
මගෙ හොඳ හිත ඔබට දෙන්ට මම පැමිණෙනවා

මුදල් හදල් වතුපිටි ඈ කිසිම දෙයක් නෑ
ඒ කිසිවක් සමිෙඳ ඔබට ඇවැසි කමෙක් නෑ

පවුලක් ලෙස මා අද දින පුදසුන හමුවේ
වැඳ වැටිලා ගෙනා පඩුරු ඔබට පුදනවා