← Hymns ඇතුල්වීමේ ගී

දෙවි සමිදුන් හට පින්දෙව

දෙවි සමිදුන් හට පින්දෙව අපව මැව්වෙ දෙවි තුමා
ඉර සඳ හා තාරකාද මැව්වෙත් එතුමා
දෙවි සමිදුන් හට පින් දෙව එළිය මැව්වෙ දෙවි තුමා
රැයද දවාලද අප හට දෙන්නෙත් එතුමා

පුන ගැයුම:

එන්න යන්න අපිත් එක්ක දෙවිදු වඳිනටා ///

දෙවි සමිදුන් හට පින්දෙව පොළව මැව්වෙ දෙවිතුමා
කදු හෙල් හා තුරුවැල් සැම මැව්වෙත් එතුමා
දෙවි සමිදුන් හට පින්දෙව පොළව මැව්වෙ දෙවිතුමා
සියොතුන් සහ වන සතුන්ද මැව්වෙත් එතුමා

දෙවි සමිදුන් හට පින්දෙව ජලය මැව්වෙ දෙවි තුමා
ඇළෙදොල ගංඟා සයුරද මැව්වෙත් එතුමා
දෙවි සමිදුන් හට පින්දෙව ජලය මැව්වෙ දෙවිතුමා
ජලයේ හැසිරෙන මසුන්ද මැව්වෙත් එතුමා