← Hymns ඇතුල්වීමේ ගී

දෙවිදුන් ගුණ කරුණා

දෙවිදුන් ගුණ කරුණා
පසසමු නිති පෙමිනා
මිහිවැසි සැවොම දනා
එක්වමු සිත

පුන ගැයුම:

අප දෙව්පිය හට සහ එක පුතුහට
ගුණ ගයමින් අපි නිති වනමු
සුරිදු සුදත හිමි පෙමින් වසාලමු
ගැයුම් වැයුම් සමගම

ලතවුනු මුදුපවිනී
ගැලවුම අපට දුනී
කරුණාබර පියෙනී
නමදිමු ඔබ තුටිනී

දුරුකර සැම නපුරෙ
කැලලන් අප සමිඳේ
දිවිදුන් බව සමිඳේ
සිහිකරනෙමු

හදකින් හදට වෙලී
සොහොයුරු පෙමින් ඇලී
පුදසුන වෙතට
ගයනෙමු ඔබට