← Hymns පාස්කු ගී

වාදනවේ දුර

වාදනවේ දුර වද ඛෙර රැව්දේ
නාද ඇසේ රැව් පිළි නැගෙනා
පාදනගා කල්වාරිය නගිනා
දෝත වඩා කුරුසය රැගෙනා

පුන ගැයුම:

ජේසු අනේ ඔබ මේ විඳිනා දුක
සෑම අපේ පව් කරට ගෙනා
බෝ සොවිනා සිහිකර බැතිනා
අපි කදුළු හෙලා හඩමු //

සිරි සිරසේ කටු කිරුල දරාලා
දෑස රතේ කදුලින් පිරිලා
දේහ මතේ කස පහර වැදීලා
ලේ ඉතිරෙ සියොලඟ ඉරිලා

පා ඔබගේ පෙම්බරිත සොබාවේ
දේව ගුණෙන් හදවත මුසුවූ
සෑම අමා රස පව්බර අපහට
ලෝක උපායට නිති අසුවූ

දෑස වසා හිස ලය මත හිදුවා
දෑත තබා දෙදිගට ඇරලා
පාද නමා මරණය කරැ නංවා
බෝ දුකසේ ඔඛෙ පණ පිදුවා