← Hymns පාස්කු ගී

ගැත්සෙමේනි නම්

ගැත්සෙමේනි නම් උද්‍යානේ ලෙව් දනන්ගේ පව් නිසා
ශෝක වේගෙන් ශී්‍ර ශරිරෙන් ඩාදිය හා ලේ වැසා

පුන ගැයුම:

පිඩා වින්ද ප්‍රේම”ය ජේසුගේ ශී්‍ර දෙව් හදා
පිරිවරාම හාත්පසින්ම ඉන්නෙමු මේ ඇප් හදා

ගොල්ගොතාවේ උස් කුරුසේ හස්ත පාද ඇණගසා
එල්ලිලා තුන් පැ මුළුල්ලේ වේදනාවෙන් රුදු ලෙසා

දිවි පුදාලා ලෙව් දනන්ගේ පව් නිසාම ප්‍රේමෙනී
ලංස පහරෙන් ලෑ පැලීලා ලේ ගැලීය හෘදෙනී

සත්ප්‍රසාද මණ්ඩපේහී දිනපතාම වාසවී
පව් දනන්ගේ අවගුණේහී තද කමේනි ශෝක වී

භක්ති වන්ත ටික දෙනාගේ ආදරෙනී සැනසිලී
ඉල්ල ඉල්ලා සිටින ජේසු සනසමෝය බැති දුල