← Hymns පාස්කු ගී

ජේසුනී මරණෙට

ජේසුනී මරණෙට, යෙදෙව්වෝ කවුරුද?

පුන ගැයුම:

අහෝ මාගේ පව් නිසා ඔබට එසේ වුනේ
ජේසුනී හොරුන්ට මෙන්, නීච කළෝ කවුරුද?
ජේසුනී ගල්කණුවේ, ඔබ බැන්දෝ කවුරුද?
ජේසුනී තද මිටින්, ගැසුවෝ කවුරුද?
ජේසුනී කටුවලින්, ඇනුවෝ කවුරුද?
ජේසුනී මුහුනට, කෙළ ගැසුවෝ කවුරුද?
ජේසුනී වැරහැලි, පෙරෙව්වෝ කවුරුද?
ජේසුනී ගලමත, හිෙඳව්වෝ කවුරුද?
ජේසුනී බට දඩු අතට දුන්නෝ කවුරුද?
ජේසුනී කුරුසිය, කරතැබුවෝ කවුරුද?
ජේසුනී කල්වාරියේ, යැව්වෝ කවුරුද?
ජේසුනී වස්ත්‍ර, කඩා දැමුවෝ කවුරුද?
ජේසුනී නිර®වස්ත්‍රයෙන්, හිෙඳවුවෝ කවුරුද?
ජේසුනී කුරුසියේ, ඇණ ගැසුවෝ කවුරුද?
ජේසුනී ඇණ තුණ, පියවූවෝ කවුරුද?
ජේසුනී කාඩිදිය, පෙව්වෝ කවුරුද?
ජේසුනී කුරුසියේ, මැරුවෝ කවුරුද?
ජේසුනී හෙල්ලෙන්, ඉල ඉරුවෝ කවුරුද?
ජේසුනී මව් උකුලේ, පිනවූවෝ කවුරුද?
ජේසුනී ගිරිලෙන, තුළ ලූවෝ කවුරුද?