← Hymns පාස්කු ගී

අහෝ ලෝ පව් නිසා

පුන ගැයුම:

අහෝ ලෝ පව් නිසා ශී්‍ර දිව් පිදූ
සුරනිදු ඔබට නමෝ
බෝසේ බැතින්, ශී්‍ර පා පියුම් වඳිමු සැමෝ

පව්කාර වූ දුදන නිසා
දෙව් පුත් තුමා පණ පිදුවේ අනේ
ශී්‍ර ලේ හෙළා බෝ වේදනා විඳ මෙදිනේ

එල්ලී මෙසේ ඇණ තුනකින්
ශී්‍ර ගාත්‍රයන් සුදුමැලි වී තැළී
ඉන්නා සැටී දෑසින් බලා හඩමු අනේ

ලෝ මැව් තුමා මැරුණ දුකින්
මේ ගල් පැලී යන නමුදු අනේ
ලෝ පව් දනා නෑ දුක් වුණේ මොන පුදුමේ

ප්‍රේමෙන් දැවී දුදන වෙතේ
පූජා වෙනා අජ පැටවාණෙනී
ලෝ සව් දනා පාපෙන් මුදා ගනු මැනවී