← Hymns බොදුන් ගී

ලොවේ පහස

ලොවේ පහස ඔබ ලබනට මත්තෙන්
මව් කුසයේ ඔබ සිටිනා සමයේ
මම ඔබ තෝරා පත්කර ගත්තෙමි
මා දෙසනා දම් දහර දෙසන්නට

මා අණ කරනා සැමතැන යන්නට
මා අණ කරනා සැමදෙ දෙසන්නට
සැලෙනු එපා බියගෙන හද පත්ලෙන්
මම ඔබ අතගෙන එමි ඔබ සමගින්

දුබල වුවන්හට සැනසුම දෙන්නට
රෝගි වූ සැමදෙන සුවපත් කරනට
දිරිගෙන ඉදිරි බලා එනු පුතුනේ
මම ඔබ අතගෙන එමි ඔබ සමගින්

පැටලුනු දිව ඔඛෙ දිග හරවන්නට
සැලෙන හදවතේ දිරිය ගෙනෙන්නට
මුළු ලොව හමුවේ නොසැලි සිටින්නට
මම ඔබ අතගෙන එමි ඔබ අබියස

නෙත් අඳ අයගේ නෙත් පාදන්නට
වැසුනු සවන් යලි පාදා දෙන්නට
දිළිදුන් වෙතගොස් දහම දෙසන්නට
මම ඔබ අතගෙන එමි ඔබ සමඟින්