කාලය එනතුරු
පුන ගැයුම:
කාලය එනතුරු ඉවසන්න
කෙතේ තිරිගු රැකගන්න
එකට වැඩෙන්නට එකම බිමේ
කිරිඳි වලට ඉඩ දෙන්න
කිරිඳි තිරිගු පැල එක යායේ
වැඩුනත් කුමටද බිය වනුයේ
මෝරා අස්වනු නෙළන පැයේ
කිරිඳි කපා වෙන් කළ හැකිවේ
සුදන දුදන මිනිසුන් මෙලොවේ
එක්ව සිටියදෙන් මහ පොළොවේ
පින පව තුලනය වන දවසේ
තීරණ දෙව් විනිසුරු සතුවේ
දමිටු අදමිටුන් අප අතරෙ
හදුනා ගැනුමද පහසු නොවේ
සුගුණ නුගුණ දෙක මුසුව තියේ
මිනිසුන් තුළ මේ දෙරණ පිටේ
මිනිසුන් යහගුණ අගේ කරව්
නුගුණ කියා නින්දා නොකරව්
එවන් වැරදි දැක කමා කරව්
පසිඳලීම දෙවිදුට පවරව්