← Hymns විවිධ ගීතිකා

ලේ කිරි කරලා

ලේ කිරි කරලා මට පෙව් අම්මා
මා ලෙඩ වූ විට නිදි මරමින් ළඟ ඉන්නා
මගේ විපතෙ දි මා.අත් නොහරිනා
අනේ සමිදුනේ මගෙ අම්මා රැකදේවා//

දහඩිය හෙලලා වෙහෙසක් නොබලා
මා වෙනුවෙන් ජීවිතයම පුදන තාත්තා
මගේ සැප පතා සැප අත් හරිනා
අනේ සමිදුනේ මගෙ තාත්තා රැකදේවා//

සුවපත් වේවා මව්පියො දෙදෙනා
ඔවුන් විඳින දුක හිරු දුටු පිනිමෙන් වේවා
විඳ නිම නොවනා සැපත ලබන්ටා
අනේ සමිදුනේ මගෙ මව්පියො රැකදේවා//