← Hymns විවිධ ගීතිකා

පොට්ටු පොට්ටු

පුන ගැයුම:

පොට්ටු පොට්ටු මල් පොහොට්ටු
පෙත්ත පෙත්ත විකසිත වී මල් ලෝකෙට
පිවිසෙනවා //
කැදැල්ලෙ උන් කුරුළු පැටව් මව් පිය හැර
දෙපත් සලා
අහසට ඉගිලී යනවෝ යනවෝ

තනිව හැංගි තිබුන පොට්ටු මල් ලෝකෙට පිවිසීලා
බඹරු ඇදෙයි හැම අතින්ම සුවඳ ඛෙදන විට ලෝකෙට
මලක දිවිය ඇරැඹීලා ඵලබර ලෝකෙට ඛෙදන්න

ජීවිතයේ පොට්ටු වයස මල් ලෝකෙට පිවිසෙනවා
දෙවිදු පෙමට මිනිස් පෙමට ඒ ජීවිත කැපවෙනවා
දෙව් ප්‍රේමය ලොව ඛෙදන්න දෙවිදුන් ඔබ සුරකීවා

කූඩුවේ සිටි කුරුළු පැටව් ඈතට ඉගිලී යනවා
හිස්ව තිබුන ආකාසෙට තරුමල් ඉහලා වාගේ
නව ජීවය කුරුල්ලන්ට ලෝකෙට ලස්සන ගෙනෙන්න

ජීවිතයේ කැකුළු වයස කුරුළු ලොවට පිවිසෙනවා
නිදහස අයිතිය ප්‍රේමය සතුටින් දෙවිදුට පිදෙනවා
දෙව් ප්‍රේමය ලොව ඛෙදන්න දෙවිදුන් ඔබ සුරකීවා