← Hymns විවිධ ගීතිකා

ආදරෙ මල්

ආදරෙ මල් සුවඳ පතුරා සෑම හදවල් දල්වලා
මංගලම් දින වැහි ආසිරි නව යුවල මත වස්වලා
සාමයේ රස අමා දහරින් ඔවුන් හදවත් පුරවලා
මංගලම් දින දෙන්න සමිදුනි අසිරි චාමරයන් සලා

පුන ගැයුම:

දෙවිදු ආසිරි ලැබේවා
සොබාදම් සිරි ලැබේවා
අපගෙ පැතුමන් පිදේවා
දිගු කලක් ඔබ දිනේවා
සුභ මංගලම් වේවා

ආදරෙ මල් සුවඳ පතුරා සෑම හදවල් දල්වලා
මංගලම් දින වැහි ආසිරි සුහද හද මත වස්වලා
සාමයේ රස අමා දහරින් සොදුරු හද සැම පුරවලා
මංගලම් දින දෙන්න සමිදුනි අසිරි චාමරයන් සලා