← Hymns විවිධ ගීතිකා

මල් මල් ලොවකට

මල් මල් ලොවකට දෑස් යොමාගෙන
දහසක් පැතුමන් හද පුරවා
සමිදු න් හා අති.නත ගෙන යන විට
මංගල ආසිරි රැව්දේවා

පුන ගැයුම:

පැතූ පැතුම් අප ලැබුවේ
ඔඛෙ යහපත් කම නිසා පියේ
ඉටු කළ මැන එලෙසින් සමිඳේ
සැම යහපත් පැතුමන් ම අපේ

ජීවිත ගමනේ අරුත සොයාගෙන
සතුටින් සුවයෙන් සිනහ සලා
සමිදුන් හා එක්වී නිති විසුමට
ආසිරි මල් වැසි නිති ලැඛෙවා

පෙම් පිරි හැගුමින් හද හද ලංකර
තිර පැතුමින් දෙනුවන් දල්වා
සමිදුන් මහිමය ඛෙදනට යන විට
ජය මංගල ගී රැව්දේවා