← Hymns විවිධ ගීතිකා

මංගලම් සුබ මංගලම්

පුන ගැයුම:

මංගලම් සුබ මංගලම්
මංගලම් ජය මංගලම් //
අතින් අත ගත් තුරුණු යුවලට
වේ සුබාසිරි මංගලම්

ඔබ ඇතුළුවන පවුල් විමනේ මෙත් පහන් වැට දිලේවා
දෙපා නංවන හවුල් ගමනේ ආදරෙ මල් පිපේවා
සොදුරු ගිහිගෙයි සුහද සෙවනේ යුවතිපති දම් රැකේවා
ලොවමැ සුරකින සුරිදු සරණේ ඔබට නිබඳවැ ලැබේවා

එකට පියමං කරන හැමවිට මැණික් මාවත් මැවෙන්නේ
සමාදානය මතයි දියුණුවෙ රහස් දොරටුව ඇරෙන්නේ
සදා සෙනෙහැති එ රජ දහනේ ඔබයි අබිසෙස් ලබන්නේ
සමවැ දුක සැප ඛෙදා ගනිතොත් සමිදු ආසිරි ලැඛෙන්නේ