← Hymns මුනිවර ගීතිකා

ලස්සන කුසුමන්

ලස්සන කුසුමන් පොබ යන්නේ
මඳ නල සුවඳින් නැහැ වෙන්නේ
මොක් පුර මුනිදුන් වැජඹෙන්නේ
දරු කැල වරමින් සරසන්නේ

පුන ගැයුම:

ලිලී මලින් ඔබ සරසාලා
සන්තන්තෝනි මුනි පසසාලා
ගීත මලින් ඔබ නමැ ගයලා
දිව එමු ඔබ සරණා පතලා

පාදුවා නගරෙ විසු මුනිඳේ
ඔබ ගෙවු සොඳ දිවි අනු යමිනේ
ලොවැ සිට දෙවි වෙත යන ගමනේ
මං උපදෙස් දුන මැන මුනිඳේ

කිතුදුන් ජීවය ලොව මිදුවා
ඔබතුම එම ජීවය ගෙව්වා
ඒ දිවි දෙවිෙදෝ පින වූවා
සගපුර සදසුන් ඔබ ලැබුවා

පරවුන මල් නැත පිබිදෙන්නේ
මරුණම නැත ලොවෙ උපදින්නේ
දෙවි පෙම එබැවින් වඩමින්නේ
දිවි ගෙවුමටැ පිහිටා වන්නේ