← Hymns මුනිවර ගීතිකා

ඉල්ලන දේ දෙන නිබඳේ

පුන ගැයුම:

ඉල්ලන දේ දෙන නිබඳේ
සන්තන්තෝනි මුනීදුනී
අප ඔබ ලඟ යදිමින් සිටිනා
අප උදෙසා යදිනු සොඳේ

සැම පුදමන් ඔබ අරුමයි
හැම දේකම ඇති කරවයි
නැති වුන දේ යලි ලැබදේ
එය ඔබගේ මහ වරමයි

ඔඛෙ නම සැම තැන පැතිරෙ
නැගෙනහිරෙ බහිනහිරෙ
පහල පෙලේ ඉහල පෙලේ
මුළු මහ ජනයා අතරෙ