← Hymns ජේසුතුමන්ට ගී

රොනට වදින

රොනට වදින බිගු ඔබයි - කැකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි - සිඟිති පෙති මමයි

ජේසු දෙවියනී, ජේසු දෙවියනී

විලට වසින පිණි ඔබයි - පද්මිනිය මමයි
සුළඟ සළන සිරි ඔබයි - ලලිතිනිය මමයි

පහන් දොරට හිරු ඔබයි - කුමුදිනිය මමයි
රැයට දිලෙන හඳ ඔබයි - හඳට රැය මමයි

දියට මුහුද දෙවි ඔබයි - ගලන ගඟ මමයි
දිගත පතල ජල ඔබයි - නගින රළ මමයි