ජේසු තුමෙනි
ජේසු තුමෙනි හද ඔබේ
ගිනි උදුනෙකි පෙම් කඳේ
අපට ඊ දොර ඇරෙ
දැවෙමු එහි වැදී
කුරුසියේ ඇණ ගැසී මැරුණ ගුණ කදාණනේ
දිවි පුදා පෑ සෙනේ මඳ වැෙදෝ අනේ
හදද පුරා ඇරැ පියා ලේ සැලූ නියා
බලව් බලව් ඇතිද ලොවේ මෙහෙම ගුණ දයා
අප කතා හඩ නඟා මගෙන් උගෙන ගනු කියා
හද ඔබේ පෙන්නු ඒ පුදුම මෙත් ගුණේ
බැගෑ මොලොක් හදටො.බේ රුවට මා මකා
සදනු වඩනු ළබැඳියනේ ම ඔබ ළඟැ තබා