← Hymns ජේසුතුමන්ට ගී

ජේසුනි ඔබ නාමය

ජේසුනි ඔබ නාමය මා හදට සන්තෝෂය
මී රසට වඩා එය මාගෙ දිවට මීරිය
මා ජේසු පෙම්බර ස්තෝත්‍ර වේවා

මේ නමට වඩා උතුම් නාමයක් නැත ලෝ තල
අල්ප මම කෙසේ වණම් මේ නාමේ ගුණ නිරමල
මා ජේසු පෙම්බර ස්තෝත්‍ර වේවා

ජේසුනි ඔබ කල්පනා මා හද පුරයි පී්‍රතිනා
භූ මඩලෙහි සැම දෙනා මේ නමට දණක් නමා
මා ජේසු පෙම්බර ස්තෝත්‍ර වේවා