← Hymns ජේසුතුමන්ට ගී

ජේසුනී ලෝකයන් කෙරෙහි

ජේසුනී ලෝකයන් කෙරෙහි
බොහෝ සේ දයා වූයෙහී
දුෂ්ඨයන්ගේ කුරිරු සිත්හි
පාප දොස් දුරු කෙලෙහි

කරුණා සාගරයෙනී - ක්ෂමා වූව මැනව
ජේසුනී මාගේ දෙවියනී - කරුණා කළ මැනව

ඔබගේ පාද පද්මයෙහී
සිටිමූ අපි ශෝකව
පාපි වූ දාසයන් කෙරෙහී
උදහස් නුන මැනව