රැගෙනෙමි මා සතු
පුන ගැයුම:
රැගෙනෙමි මා සතු සියලුම දේ
පඩුරු කරන්නට මේ යාගික මොහොතේ
මගෙ මුළු දිවියද, මගෙ දුක් කදුළුද
මගෙ ශ්‍රම ශක්තිය මා සතු ජීවය
පඩුරක් කරමින් ආසිරි පතමින්
පිළිගන්වමි දැන් බැති අදරින්
මගෙ ආදර මව් බිම සිරි ලක් බිම
එහි වසනා සැම වැසියන් සමගින
පුදනෙමි ඔබ හට මෙදින සැමමා
පිළිගන්නකො දැන් ඔබට පුදම්
මගෙ මව්පියො හා මගෙ නෑ සියලුන්
මගෙ හිත මිතුරන්, මගෙ හැම සතුරන්
පඩුරක් කරමින් ආසිරි පතමින්
පිළිගන්වමි දැන් සුහද සිතින්