පැතුම් ලොවක්
පුන ගැයුම:
පැතුම් ලොවක් සැබෑ වෙලා
ජීවිතේ අලුත් වෙලා
ආදරෙ හදේ පුරා
ප්‍රේමයේ අමා ගඟක් වෙලා
සාමයේ මුදුන් කඩක් වෙලා
පුදසුනේ පියුම් බදුන් (දෙකක්) වෙලා
පූපයයි මිදි රසයි වෙලා
ජිවිතේ අපේ පිදෙයි මෙදා
මිදි විතේ ජේසුගේ ලෙයයි
පූපයේ ජේසුගේ කයයි
එක් වෙලා යාගයක් සදයි
ජේසු ඒ යාගයේ පිදෙයි
දෙවි පියේ ගන්නැ මේ පියුම්
මේ වෙලේ අපේ සිතුම් පැතුම්
ජේසුගේ පිණෙන් පිදෙයි මෙදැන්
ඒ තමා අපේ සැබෑ පැතුම්