මොනව ගෙනෙන්නද
පුන ගැයුම:
මොනව ගෙනෙන්නද මොනව පුදන්නද ඔබ හට දෙවි සමිඳේ
කරුණාවෙන් පිරි ආදරයෙන් පිරි පෙම්බර දෙවි සමිඳේ
පාපි වූ අප අත දුර®වල කම් ඇත ආදර දෙවි සමිඳේ
ඔබගෙන් අප ලද අප ජීවිත සැම ඔබට පුදමි සමිඳේ
පූපය මිදි රස ඔබ හට පුදනෙමි ආදර දෙවි සමිඳේ
අප ජීවිත සැම සලකුණු කර එය ඔබට පුදමි සමිඳේ
මේ හැම කැටි කර එකට එකතු කර පුදනෙමි දෙවි සමිඳේ
ඔබේම පුතු වූ කිතු සමිදුන් අප හට දෙනු මැන සමිෙඳ