මගේ මහන්සියේ පලයි
මගේ මහන්සියේ පලයි ම. ජේසුනේ මෙදෑ
මගේ මෙ ජීවිතේ හරයි පුදම් දෝත් වැඳෑ
මගේ ලොවේ රජා ඔබයි අනේ ඉතින් මදෑ
මගේ පැතුම් නිගා නොවෙයි පුදම් පිදුම් නෙදෑ
මෙ පූ මෙ මී ඔබේ කයයි ලෙයයි සිතේ හොවා
මගේ හදේ බැගෑම වන්දනාව රැව් දෙවා
පියේ ඔබේ වදන් අසා ඇදෙම් උදේ හවා
ම. ජීවිතේ ඔබේ නමින් ම ජීවිතේ වෙවා