← Hymns පිදීමේ ගී

සමිදු පුදට පඩුරු රැගෙන

පුන ගැයුම:

සමිදු පුදට පඩුරු රැගෙන
පුදසුන වෙත පා නඟා
දොහොත් මුදුන් දී සදා
පුදමුව සමිදු සැම දින බැතිනා

සදුන් කොකුම් තුවරලා
පහන් වැටි ද දල්වලා
මලින් පලින් ගවසලා
පුදසුන සරසා පුදමුව හිමිපා

අපගෙ රටද හිමි සඳේ
ජනතාවද ඔබට වේ
හෙළ පොළොවේ උපන් දෑ
ඔබටම සමිඳේ පිදෙතිය නිබඳේ

අප සිතුවිලි සැම දිනේ
එකමුතුකම සමඟිනේ
අපගෙ වැඩද පඩුරු වේ
ඔබගෙ පුදසුනේ එක ලෙස සමිඳේ

පූපය ඔඛෙ සිරුරටා
මිදියුෂ ඔඛෙ රුහිරෙටා
හරවති ඔබ සමිදුනේ
අපද ඔබ වෙතේ හරවනු එලෙසේ