← Hymns පිදීමේ ගී

මෙ අප පුදන පඩුරු

මෙ අප පුදන පඩුරු ලබාගන්න බලැති දෙවිදුනේ
මෙ දින සමාවන්න අපේ කිළිටි බව දැනේ

සියලු බලැති දේව රජිදු සමග වසන ජේසුනේ
නෙතට ගැටෙන සුසුදු පූප වෙසින් එනු මැනේ

මෙදින අපට ලැඛෙන කදුළු සතුට මුසුව පුදනසේ
එදින ජේසු හැලුව රුහිරු සමග දෙනු මැනේ