← Hymns විවිධ ගීතිකා

මුතු කැට සොයනට

මුතු කැට සොයනට ඇයි වෙහෙසෙන්නේ
මුතු එකමුතු බව නොමැතිද දන්නේ
ලක් මව දියුණුව අප අත වන්නේ
කිතු තුම ගිය මග අපි යන්නේ

එක පවුලක දරුවන් ලෙස අපි සැම
කිසි විට නැහැ පසුබට වන්නේ
කිතු දම දස අත පතුරන විලසින
අත් වැල් බැඳ පෙරටයි එන්නේ

මිතුරන් සමගින දුක සැප ඛෙදමින
දියුණුවටයි අපි අත දෙන්නේ
සතුරන් අප හට නැත කිසි විට ලොව
සාමෙන් අපි ජීවත් වන්නේ

සමිදුන් අප හට දී ඇති ශක්තිය
යොදමින් හෙල බිම සුරකින්නේ
අද දින අප හට ලැඛෙනා දුක සැප
දෙවි සමිදුන්ටයි පුද දෙන්නේ