දෙවි සමිදු මිදි උයනේ
දෙවි සමිදු මිදි උයනේ සරු අස්වැන්න පැසිලා
එහි ඵල නෙලන්නට කිතුනු අපහට ඇරයුමක් ලැබිලා
දිරිවඩා සවි වඩා අපි පිය නගමු ඉදිරි බලා //
ආරාධනා // කිතුනු ලක් දරුවනේ //
සමිදු සුපුවත පතල කරනට ඇරයුමක් ලැබිලා
අඳ වුවන් හට පෙනුම දෙන්නට ඇරයුමක් ලැබිලා
දිරිවඩා සවි වඩා අපි පිය නගමු ඉදිරි බලා //
ආරාධනා // කිතුනු ලක් දරුවනේ//
රෝගි අයවෙත සුවය දෙන්නට ඇරයුමක් ලැබිලා
සමිදු ප්‍රේමය ලොවට ඛෙදනට ඇරයුමක් ලැබිලා
දිරිවඩා සවි වඩා අපි පිය නගමු ඉදිරි බලා //
ආරාධනා // කිතුනු ලක් දරුවනේ //