මිතුරන් සමගින
මිතුරන් සමගින සැනසුම ලබමින
ආදරයෙන් අපි ජේසු පුදන්නට - සැරසෙනවා
අප මව් පිය හා සොහොයුරු මිතුරන්
වෙනුවෙන් අපි සැම ජේසු යදින්නට - සැරසෙනවා
කිතු සමිදුන් වෙත පිය දෙවිදුන් වෙත
ඇප කැප වෙන්නට පුදසුන වෙත අපි - පැමිණෙනවා
තව මොහොතින් අපි ළමා අපෙන් වුණු
පව් ගැන ළතැවී සමා යදින්නට - සැරසෙනවා